මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල කෘෂි ව්‍යාපෘතිවලට මිලියන 150ක්

    අගෝස්තු 21, 2014
    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ද, ඉතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05හි කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද වශයෙන් දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 150ක් වෙන් කෙරේ.
     
    ඒ අනුව රුපියල් මිලියන 100ක් වැය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක කෘෂි ව්‍යාපෘති 1375ක් ක්‍රියාත්මක කෙරේ.
     
    මීට අමතර ව අනුමැතියට යටත් නො වී තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක කෘෂි ව්‍යාපෘති රැසක් වෙනුවෙන් ද අනුමැතිය ලැබිණි. ඒ අනුව බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 387ක්, ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 198ක්, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 663ක්, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 611ක්, බෙන්තර - ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 275ක්, පින්නදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 684ක් හා බලපිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 366ක් වෙනුවෙන් මෙලෙස අනුමැතිය ලැබී ඇත.
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ වාණිජ ගොවිපළ සඳහා ද රුපියල් මිලියනයක් වෙන් කොට ඇතැයි ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජයවර්ධන මහත්මිය පැවසීය. 
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන දිවි නැගුම ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ ව මෙහිදී සොයා බැලිණි.
     
    DB/GN - dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya