අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්

    ජූලි 28, 2014

    රුපියල් මිලියන 150ක පිරිවැයක් දරමින් මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට කඩිනමින් සිදු වෙමින් පවතී.

     

    වෙබර් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණ සංචාරයක ක්‍රීඩා අමාත්‍යංශ අධ්‍යක්ෂක ශාන්ත වීරසිංහ මහතා පසුගිය දා නිරත විය.

    මෙම සංචාරයේදී ශාන්ත වීරසිංහ මහතා ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතවන ඉංජිනේරුවන් හා අනෙකුත් නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය. එහිදී එම මහතා ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉක්මණින් අවසන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් දෙන ලදී.

     

    මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණය අක්කර 10ක් පුරා පැතිර ඇති අතර එය මඩකළපු නගරයේ අතීත ශ්‍රී විභූතිය කියාපාන්නකි. මෙම ක්‍රීඩාංගණය තුළ ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩාංගණ දැනට ඉදි වෙමින් පවතී.

     

    නුදුරේදී මෙම ක්‍රීඩාංගණය තුළ මීටර් 400ක ධාවන පථයක්, පිහිනුම් තටාකයක්, පාපන්දු පිටියක්, දැල්පන්දු පිටියක්, අත්පන්දු පිටියක් හා බැඩ්මින්ටන් පිටියක්ද ඉදි වෙනු ඇත.

     

    අගෝස්තු මාසයේදී මෙම ක්‍රීඩාංගණය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන අතර එහි නඩත්තු කටයුතු මඩකළපු මහ නගර සභාවට භාර දීමට නියමිතය.

     

    SDF

    batti 2batti 4batti 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya