අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමානයේ වසර ගණන් ඇදෙන සංවර්ධන ව්‍යාපෘති නැහැ

    ජූලි 28, 2014
    අතීතයේ කවර රජයකටත් වඩා වත්මන් රජය ගම වෙනුවෙන් කටයුතු කර තිබෙන බවත් වර්තමානයේ දී වසර ගණන් ඇදෙන සංවර්ධන ව්‍යාපෘති නොමැති බවත් ‍සෑම ව්‍යාපෘතියක්ම ඉතා කෙටි කාලයකින් අවසන් කරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රත්නපුර, වේවැල්වත්ත, මල්වල පාලම ජනතා අයිතියට පත්කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.
     
    2013 ජූලි මස 14 වන දින මෙම පාලම සඳහා මුල්ගල් තබන ලද අතර වසරක කාලයක් තුළ මෙහි වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම විශේෂ සිද්ධියකි. දිගින් මීටර් 40කින් හා පළලින් මීටර් 7කින් යුක්ත මෙම පාලම ප්‍රංශ රජයේ අධාර යටතේ ඉදිකර ඇති අතර මේ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 210කි.
     
    මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා “මේ පාලම ඉදිකරලා අවසන් කරන්න අපිට ගියේ හරියටම වසරක් වගේ කාලයක්. මෙය අපේ රට තුළ විශ්වාස කරන්න අමාරු කාරණයක්. මොකද බොහෝ සංවර්ධන කටයුතු මුල් ගල්වලට සීමා වුණ යුගයක් අපට තිබුණා. හැබැයි මේ සංස්කෘතිය වෙනස් කරන්න ජනාධිපතිතුමා පියවරගත්තා. එහෙම නොවෙන්න අද අපි අත්විඳින සංවර්ධනය ජනතාවට ලබාදෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. අද මේ විවෘත කරන මල්වල පාලම අපේ ජනතාවට ලබාදෙන්න මුල්වුණේ අපේ ජනාධිපතිතුමා, ප්‍රංශ රජය අපේ රටට පාලම් 46ක් ලබාදුන්නා.  එවෙලේ අපිත් රජයට යෝජනා කළා මේ මල්වල පාලම ගැන. ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහටයි මේ පාලම අපිට ලැබුණේ” යැයි අමාත්‍යවරයා පැවසිය.
     
    මේ මල්වල පාලම හැදුවා වගේ ඉදිරියේදී මේ පාර බලංගොඩ රාස්සගල දක්වා වැඩිදියුණු කරනවා. ඒ වගේම රත්ගඟ පාර, පලාබද්දල පාර, මාදම්පේ, රක්වාන පාර මේ සියල්ල අපේ රජය දියුණු කරලා ජනතා අයිතියට පවරනවා. එතුළින් විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශයට ළඟාවේවි. 
     
    අපි රජයක් ලෙස  සතුටු වෙන්නේ රටේ ජනතාව සතුටුවෙනවා දැකීමෙන් පමණක් බවත් මේ තරම් විශාල සංවර්ධනයක් රත්නපුර දිස්ත්‍රික්කයට ලබා දුන් ජනාධිපතිතුමන්ට, විෂය භාර ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතාටත්, අපේ ස්තූතිය, ගෞරවය, හිමිවිය යුතුයි යැයි ද සෙනෙවිරත්න මහතා පැවසිය.
     
    මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර, පළාත් මහාමාර්ග අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රි අශෝක ජයවර්ධන, වරුණ ලියනගේ, රත්නපුර ප්‍රාදේශිය සභා සභාපති බන්දුල කරවිට, ප්‍රංශ තානාපති මොන්චාවු ජීන් පෝල් මහතා සහ විදේශිය නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya