මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගවයන් වෙනුවෙන් වැඩි දියුණු කළ පෝෂණ ක්‍රමවේදයක්

    ජූලි 28, 2014


    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ එක්ව කිරි ගවයන් සඳහා වැඩි දියුණු කළ පෝෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.


    මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන අතර, ව්‍යාපෘතිය 2016වන තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.ටී.ජී. රත්නායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    මෙම ව්‍යාපතීය සඳහා උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වල මධ්‍යම ප්‍රමාණයේ සත්ත්ව පාලන කටයුතුවල නියුතු කණ්ඩායම් 50-100 අතර ප්‍රමාණයක් තෝරා ගැනීම සිදු කෙරේ. මෙම තෝරා ගැනීම ඒ ඒ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරුන් මගින් සිදු කෙරේ.
     

    නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙහි සාර්ථකත්වය මත දිවයිනේ සෙසු පළාත්වලද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 2,75000ක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ලබාදී ඇති බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya