අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සම්පත් විකුණු එ.ජා.ප. පාලනයේ පීඩාකාරී බව ජනතාවට අමතක වී නැහැ

    ජූලි 28, 2014
    රටේ ජාතික සම්පත් විකුණා දැමූ එක්සත් ජාතික පක්ෂ පාලනයේ, පීඩාකාරී බව ජනතාවට අමතක වී නැති බවත්, එවැනි අපකීර්තිමත් පාලනයකට රට යළිත් ගෙන යෑමට ඉඩ තබනවාද, නැද්ද යන්න සියලු ජනතාව බුද්ධිමත්ව කල්පනා කළයුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නායිකා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
     
    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ පසුගිය දින බේරුවල නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ බේරුවල ආසන නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.  
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම මත දිවයින පුරා ක්‍රියාත්මක "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව, මෙම කාන්තා නියෝජිත සම්මේලනය සංවිධානය කර තිබුණේ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසිනි. සම්මන්ත්‍රණය සඳහා කාන්තාවෝ දෙදහසක් පමණ සහභාගී වී සිටියහ.
     
    "ලෝකයේ දියුණුම රටවල පහසුකම් අද අපේ රටටත් ලැබිලා. ලෝකයේ දියුණුම තාක්ෂණය යටතේ ඉදිවන අධිවේගී මාර්ග අද ලංකාවට ලැබිලා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අමාත්‍යංශය හරහා බේරුවල ගම් දියුණු කරන්න ලක්ෂ 4000ක් වෙන්කරලා තියෙනවා. ඉන් 60%ක් මේ 
     
    ප්‍රදේශවල කාන්තාවන්ගේ ජීවන මට්ටම නගාසිටුවන්න වෙන් කරනවා. ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය කාන්තාවන්ගේ ජීවන මට්ටම උපරිමයෙන්ම ඉහළට ඔසවා තැබීමයි".
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත අද ලංකාව සිංගප්පූරුව, 
    මැලේසියාව මෙන් නැගිටිමින් සිටින රටක් බවට පත්ව ඇතැයිද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
     
    මෙම කාන්තා නියෝජිත සම්මේලනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, පළාත් සභා මන්ත්‍රීවරියන් වන මල්ෂා කුමාරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නැගෙනහිර පළාත් සභාවේ සභාපති ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ සාමාජිකාවෝ රැසක් සහභාගී වී සිටියහ.
     
    DB
     
    BERUWALA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya