අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර - වේවැල්වත්ත පාලමක් අද ජනතා අයිතියට

    ජූලි 27, 2014

    රත්නපුර - වේවැල්ලවත්ත මාර්ගයේ 8/10 පාලම ජනතා අයිතියට පත් කිරීම අද (27) ප.ව. 2.00ට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    රත්නපුර - වේවැල්වත්ත මාර්ගය ද රුපියල් මිලියන 4,536ක වියදමින් සංවර්ධනය කිරීම පසුගිය මැයි මාසයේ දී ආරම්භ විය. එහි සංවර්ධනය කරන දුර ප්‍රමාණය කිලෝ මීටර් 27.50කි. වසර දෙකකදී මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය. 


    මෙමඟින් රත්නපුර හා ඇහැළියගොඩ ආසන දෙක සම්බන්ධ වන අතර එමඟින් ප්‍රතිලාභ ලබන පිරිස අතිවිශාලය. 
    මෙම අවස්ථාවට මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල, සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමුව පළාත් මාර්ග, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, ප්‍රංශ රජයේ තානාපති මොන්චාචු ජීන් පොල් යන මහත්වරුන්ගේ සහභාගී වීමට නියමිත වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya