මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම සංවර්ධනයට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් මිලියන 6984ක්

    ජූලි 27, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය  මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 05ක් සඳහා රුපියල් මිලියන 6974ක් වැය කර තිබේ.ගම නැගුම වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග, සුළු වාරිමාර්ග, පානීය ජල සහ විදුලිය ව්‍යාපෘති 3176ක් සඳහා රුපියල් මිලියන1,904ක් වැය කර ඇත.


    විමධ්‍යගත අයවැය යටතේ අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, සමාජ සුභසාධන යන ව්‍යෘපෘති 3355ක් සඳහා රුපියල් මිලියන182ක් ද දිවිනැගුම  වැඩසටහන යටතේ කෘෂි, පශු සම්පත් හා ධීවර, ගෘහ කර්මාන්ත සඳහා රුපියල් මිලියන 200ක් වැය කර ඇති අතර, වයඹ පුබුදුව මාර්ග, විදුලිය, ජලසම්පාදනය, ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 508ක් වැය කර ඇත.

    ප්‍රාථමික පාසල් සංවර්ධනය යටතේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ, සනීපාරක්ෂක පහසුකම් යන ව්‍යාපෘති 216ක් සඳහා රුපියල් මිලියන106ක් ද  පළාත් මාර්ග සංවර්ධනය සඳහා දුර කීලෝ මීටර් 221ක ව්‍යාපෘති 36ක් සඳහා රුපියල් මිලියන 3899ක් ද වැය කර ඇත. සමෘර්ධි නිවාස සංවර්ධනය යටතේ දිරිය පියස, රට විරු, නිවාස ලොතරැයි සඳහා ව්‍යාපෘති 1419ක් වෙනුවෙන් රුපියල් මිලියන 172වැය කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya