අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීළඟ අයවැයෙන් කාන්තා සුභසිද්ධිය උදෙසා ශක්තිමත් වැඩපිළිවෙළක්

    ජූලි 22, 2014
    මෙවර අය-වැය යෝජනාවලියෙන් මෙරට කාන්තාවගේ සුභසිද්ධිය උදෙසා ශක්තිමත් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්කිරීමට රජය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නායිකා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. 
     
    අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ඉතිහාසයේ කිසිදු පාලනයකට නොදෙවැනි ලෙස, කාන්තාවගේ අභිවෘද්ධිය සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පුළුල් සැලැස්මක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.
     
    අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" වැඩසටහනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් මීරිගම ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් සංවිධානය කරන ලද මෙම කාන්තා නියෝජිත සම්මේලනය පසුගිය දින මීරිගම මහපොළ ඥාන ප්‍රදීප යොවුන් නිකේතනයේ දී පැවැත්විණි.
     
    වර්තමානයේ රට තුළ විශාල ආර්ථික වර්ධන වේගයක් පවතින බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා සෑම දිස්ත්‍රික්කයකටම වෙන්කරන ප්‍රතිපාදනවලින් 60%ක් චක්‍ර ලේඛයකින් කාන්තාවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට වෙන් කළ බවත් පෙන්වා දුන්නේය.
     
    "අද අපේ රටේ තරුණයො මොනවා හරි රස්සාවක් කරනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අපේ රටේ රැකියාවක් නොකරන අය ඉන්නේ 4%යි. 90% ගණනක්ම අද රැකියා කරනවා. සිංගප්පූරුව නැගිට්ටා වගේ මැලේසියාව නැගිට්ටා වගේ අපේ රට අද නැගිටිමින් පවතිනවා. අමතක කරන්න එපා, යුද්දෙන් පස්සේ මේ මව්බිම කොච්චර නැගිටිනවද කිව්වොත් චීනය ඇරෙන කොට ලෝකයේ ආර්ථික වර්ධන වේගය වැඩිම රට ඔබ උපන්න මාතෘ භූමිය බවට පත්කරන්න අතිගරු ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබිලා තියනවා".
     
    දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත රටේ ගමන්මග ආපස්සට හැරවීමට බටහිර රටවල් විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවත් එය අපි ශක්තිමත් ජාතියක් ලෙස මුහුණ දිය යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
             
    මෙම අවස්ථාවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, චන්ද්‍රා රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ලේකම් අශෝකා ලංකාතිලක මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB
     
    MP PW MEERIGAMA 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya