අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රාහුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම හෙට

    මාර්තු 24, 2017

    මාතර රාහුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයයේ  කොළඹ ශාඛාවේ 55 වන වාර්ෂික මහ සභාව  හෙට  (25) කෝට්ටේ චන්ද්‍රා වෙත්තසිංහ සමාජ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.


    මේ සඳහා සියලු සමාජිකයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර මෙදින නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කෙරෙන බව රාහුල විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ   සභාපති අනූජ කාමන් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    කොළඹ ශාඛාව ගත වූ කාලය තුළ  සිය මව් පාසල වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කර තිබෙන අතර, ජපානයේ ආධාර ඇතිව පාසලට විශේෂ බස් රථයක් ප්‍රදානය කිරීම පසුගිය දා සිදු විය. රාහුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ  කොළඹ ශාඛාව සංවිධානය කළ රාහුල සැදෑවද  පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය. එහිදී විද්‍යාලයේ ජ්‍යේෂ්ඨයින් 15ක් ඇගයීමට ලක් කරමින්  සම්මාන පිරිනැමීම ද  සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya