අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝගම්රබ බන්ධනාගාරය පිහිටි භූමිය සංරක්ෂණය කරමින් සංවර්ධනය කරයි

    මාර්තු 21, 2017

    මහනුවර බෝගම්බර බන්ධනාගාරය සංරක්ෂණය කරමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් වාස්තු විද්‍යාඥ ගැමුණු ප්‍රේමවර්ධන මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේලාගේද උපදෙස් ලබා ගෙන ඇති බව පැවසූ‍ ප්‍රේමවර්ධන මහතා ඊට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති බවද පැවසීය. ඔහු මෙම කරුණු දැක්වූයේ ඊයේ (20) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.

     

    බෝගම්බර බන්ධනාගාරයේ සියලු කටයුතු පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත ස්ථානගත කිරීම නිසා මේ වන විට අදාළ භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මුල් වී මෙම ස්ථානය සංරක්ෂණය කරමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කොට ඇති අතර, එහිදී  මෙම ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතිකමය සහ අධ්‍යාපනික මධ්‍යස්ථානයක්ඉදි කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත්වි තිබේ. ඒ අනුව සිංගප්පූරුවේද සහාය ලබා ගෙන මේ සම්බන්ධ වාස්තු විද්‍යා කටයුතු ආරම්භ කරමින් සැළසුම් සකස් කරන බව පෙන්වා දුන් ප්‍රේමවර්ධන මහතා එහිදී ලාංකීය සංස්කෘතිය සහ උඩරට සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු ඉටු කිරීමට නියමිත බවද පෙන්වා දෙන ලදී.


     
    ඉදිරි කාලයේදී මෙහි ප්‍රථම අදියර ආරම්භ කිරීමට නියමිත බව පෙන්වා දුන් ඒ මහතා මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන එන ශ්‍රී ලාංකික කලාකරුවන් වෙනුවෙන් ඉදි කෙරෙන පීඨිකාවක් බවට පත් කර ගත හැකි බවද පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සදහා අස්ගිරි සහ මල්වතු නාහිමිපාණන් වහන්සේ නියෝජනය කරමින් මහා සංඝරත්නයද සහභාගී වූ බවත්, උන්වහන්සේලාගේ උපදෙස් සහ අනුශාසන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ප්‍රේමවර්ධන මහතා පෙන්වා දෙන ලදී.

     

    මීට අමතරව මහනුවර නගර මධ්‍යයේ පිහිටි ‍ජෝර් ඊ ද සිල්වා උද්‍යානයද නවිකරණය කොට වඩාත් ප්‍රයෝජනවත් අයුරින් පරිහරණය කිරීමට උචිත පරිදි සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ සැළසුම් සකස් කොට ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

     

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya