අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තොට පවුල් 218ට ඉඩම් ඔප්පු පිරිනැමේ

    මාර්තු 12, 2017

    ඉඩම් අයිතිය නොමැති දිළිඳු පවුල් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පවුල් 218ක් වෙත ඉඩම් අයිතිය ලබාදෙමින් ඔප්පු පිරිනැමීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතිනි පසුගියදා සිදු කෙරිණි.

    මේ වන විටත් ඇතැම් පිරිස් රජයේ ඉඩම්හී ජීවත් වුවත් ඔවුන් වෙත එම ඉඩම් අයිතිය නොතිබීම හේතුවෙන් තම දරුවන් පාසලකට ඇතුලත් කිරීමට පවා නොහැකි වී ඇති බවත් එනිසා තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළබඳව පවතින අනාරක්ෂිත බව විශාල ගැටලුවක් බවත් ජනතාව අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

    මෙම ඉඩම් අයිතිය ලබාදීම තුළින් එම බාධාවන් ඉවත් වීම මහත් වූ සහනයක් ලබාදුන් බව ප්‍රකාශ කළ ජනතාව ඒ සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කළ අමාත්‍යවරයාට මෙහිදී සිය ස්තූතිය පිරිනෑහ.

    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya