මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කුළු බඩු මංගල්‍ය ශ්‍රි දළදා මාලිගාවේ දී

    මාර්තු 10, 2017

    කුළු බඩු  බෝගයන්හී අග්‍රඵලය  ශ්‍රි දළදා සමිදුන් වෙත පුදකෙරෙන ජාතික කුලුබඩු පුජා මංගල්‍ය  අද (10) ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    චිරාගත  සම්ප්‍රදායට අනුව ශ්‍රි දළදා  වහන්සේ  උදෙසා පවත්වන ලබන මුරුතැන්  පුජාවට  දෛනිකව  කුළුබඩු විශාල ප්‍රමාණයක් අවශ්‍යවන බැවින් කුරුදු ගම්මිරිස්, සාදික්කා, කරාබු, එනසාල්, කෝපී,  ආදී  වගාකරුවන් තමන්ගේ  වාර්ෂික අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරුව එහි අග්‍ර ඵලය  අති උතුම් දළදා  වහන්සේට හා  කෘෂිකර්මාන්තයට අධිගෘහිත දෙවි දේවතාවුන්ට  පුජා කොට   කෘෂිකර්මාන්තයට  ආශීර්වාද ලබාගැනී‍මේ අරමුණින් මෙම  මංගල්‍ය  සිදුකෙරේ.  

    ප්‍රාථමික කර්මාන්ත  අමාත්‍යාංශය  හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්  සංවිධානය කරනු ලබන  මෙම කුළු බඩු පුජා මංගල්‍යයට  සහභාගිවීමට  බලාපොරොත්තුවන් සුදුවතින් සැරසී  තම කුළු බඩු  අස්වැන්නේ  අග්‍රඵලයෙන්  සකසාගත් උත්තම පුජා භාණ්ඩ ද  රැගෙන   මාර්තු මස 10 දින පෙ.ව. 7.00ට  මහනුවර  දළදා වීදියේ ජොර්ජි ඊ ද සිල්වා උද්‍යානයට  පැමිණෙන ලෙස   අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  ඉල්ලා සිටි.  

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන අමත්‍ය සරත් ඒකනායක යන අමාත්‍යවරුන් හා  ප්‍රාථමික කර්මාන්ත  අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල වික්‍රමාරච්චි, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර   අපනයන කෘෂිකර්ම‍දෙපාර්තමේන්තුවේ  අධ්‍යකෂ ජනරාල් ආචාර්ය එම්.ඒ.පී.‍කේ සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් ද සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya