අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටියට ලක්ෂ 255ක ව්‍යාපෘතියක්

    මාර්තු 06, 2017

    රටම ආවරණය වන පරිදි සෑම ග්‍රාමසේවා වසමක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ 05 ක නව සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමේ රජයේ වැඩපිළිවෙළට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 51 සඳහාම රුපියල් ලක්ෂ 255​ක මුදලක් වෙන් කර තිබේ.

    මේ සඳහා නව ව්‍යාපෘති හඳුනාගැනීම හා ඒවාට  අදාළව ගම් මට්ටමින් සිදුකල යුතු සංවර්ධන යෝජනාව ප්‍රමුඛතාව හඳුනා ගැනීමේ සංවර්ධන කමිටු රැස්වීමක් පසුගියදා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කළ අතර ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඒ සඳහා දකුණු පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුලු ප්‍රාදේශීය දේශපාලණ අධිකාරිය, රජයේ නිළධාරීහු සහ සිවිල් සංවිධාන නියෝජිතයින් එක්වූහ.


    මෙහි දී විශේෂ අවස්ථාවක් වූයේ සියලු දේශපාළණ පක්ෂ නියෝජනය කරමින් සංවර්ධන කමිටු රැස්වීම සඳහා එක්වූ ප්‍රාදේශීය දේශපාලන නියෝජිත පිරිස විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙන කිසි දිනක නොවුනු ආකාරයක සංවර්ධනයක් සිදු වන නව කාලයක් මේ වන විට උදාවී ඇති බව ප්‍රායෝගිකව දක්නට ලැබෙන බව පවසා කමිටුවේ සම සභාපති , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත පැසසුම් එක් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya