අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟය හේතුවෙන් විපතට පත් ගම්පහ පවුල් 37843කට ජලය සැපයීමට පියවර

    මාර්තු 02, 2017

    නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක ග්‍රාම නිලධාරී වසම් 339කට අයත් පවුල් 37843ක ජනතාව සඳහා පානීය ජල පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා සඳහන් කළේය.

    දිවුලපිටිය, කටාන,  මිනුවන්ගොඩ, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, සහ දොම්පෙ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 37843කට අයත් සාමාජිකයින් 158820 දෙනෙකු සඳහා මෙසේ ජල පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඒ මහතා පැවසීය.

    පීඩාවට පත් ජනතාව සඳහා ජලය සැපයීමට මේ වන විට ජල බවුසර් 16ක් යොදා ගෙන ඇති බවත් ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි ජලය බෙදා හැරීමට නම් තවත් ජල බවුසර් 31ක් හා ජල ටැංකි 564ක් අවශ්‍ය බවත් සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya