මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වෙසක් උත්සවයට සමගාමීව කෑගල්ලේ ජංගම සේවා රැසක්

    පෙබරවාරි 27, 2017

    ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන අමාත්‍යංශ්‍ය එක්ව කෑගලු දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම ජංගම සේවාවන්  පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව මාර්තු මස 4 වැනි දින රුවන්වැල්ල වැන්දල විසුද්ධාරාම විහාරස්ථානය, මාර්තු 18 මාවනැල්ල බෙලිගම්මන පුරාණ රජමහා විහාරස්ථානය, මාර්තු මස 25 වට්ටාරම ශ්‍රී  අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානය යන විහාරස්ථානයන් හී දී මෙම ජංගම සේවාවන් පැවැත්වීමට නියමිතව ඇත.

    මෙහි දී භික්ෂූ හඳුනුම්පත් නිකුත් කිරීම, විහාරස්ථාන ගැටළු විසඳීම, දහම් පාසල් ගුරුවරුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම, වසර 30 වැඩි කාලයක් සේවය කළ දහම් පාසල් ගුරුවරුන් ඇගයීම ආදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

    දේශීය හා බටහිර වෛද්‍ය සායන , ආයුර්වේද වෛද්‍ය සායන හා ලේ දන්දීමේ වැඩසටහන් ද මෙයට සමගාමීව පැවැත් වේ.
     
    මෙවර ජාතික වෙසක් උත්සවය කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා  විහාරස්ථානය කෙන්ද්‍රව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya