අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා දින සැමරීමේ පා ගමනක්

    පෙබරවාරි 26, 2017

    මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් විවිධ වැඩසටහන් රැසක්  දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

    මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් කාන්තා හඬ අවදි කරවීම උදෙසා වන පාගමනක් මාර්තු 01 වන දින  පෙ.ව 9.30ට පමණ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ වී  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් වැඩසටහන සංවිධානය කරනු ලබයි. මෙහි ජාතික උත්සවය මාතරදී පැවැත්වේ. ඊට සමගාමීව 2017 මාර්තු 01 වනදා සිට 07 වන දා තෙක් විවිධ  වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම හා ඔවුන් ශක්තිමත් කිරීම සඳහා ජාතික මට්ටමින් සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර දේශපාලනයේ කාන්තා සහභාගිත්වය වැඩි කරමින් 25%ක දේශපාලන කාන්තා නියෝජනත්වයක් ලබා දීම, කාන්තාවන් වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන කටයුතුවලදී 25%ක ආර්ථික ප්‍රතිලාභ ලබාදීම ඉතා ප්‍රතිඵලදායකය. තවද කාන්තා ගෘහ මූලික පවුල් සඳහා වන ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම, වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන ජාතිකමධ්‍යස්ථානය ස්ථාපනය කිරීම,ප්‍රාෙද්ශීය මට්ටමින් කාන්තා හා ළමා සංවර්ධන ඒකක පිහිටුවීම ළමා හා කාන්තා  පොලිස් ඒකක ශක්තිමත් කිරීම ආදි ව්‍යාපෘති ප්‍රධාන වේ. තවද පවුල් සංස්ථාව ගොඩනැංවීමේදී කාන්තාව ශක්තිමත් කිරීම සමස්ත ප්‍රජාවම ඉහල තලයකට ගෙන ඒමට හේතු වන බැවින්  පවුල තුළ කාන්තාවගේ කාර්යභාරය  ඇගයීම ඉතාමත් කාලෝචිත වූවකි.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් සිදු කරන  මෙම දැනුවත් කිරීමේ පා ගමන මගින් කාන්තාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ප්‍රජාව දැනුවත් කරමින් පුළුල් ප්‍රචාරයක් ලබා දීමටත් පවුල් සංස්ථාවේ සතුට සමාජයේ පැවැත්මට ඉතාමත් වැදගත් බව ඒත්තු ගන්වමින් සතුටු පවුල් ඒකකයක ඇති වටිනාකම කියා දීම  අපේක්ෂාවන් වේ.

    19 වන ශතවර්ෂයේ  අග භාගයේදි ජාත්‍යන්තර කාන්තා දිනයක් බිහි විමේ පදනම සැකසෙන්නේ ඇමරිකාව තුළ 1908 වසරේ සිදු වන කාන්තා පුබුදුවත් සමඟයි. කාන්තාවන් රැකියාවේ නිරත වීමටත් ඊට සරිලන වැටුප් ලැබීමටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහාත්  කාන්තාවන් 15,000කට අධික ප්‍රමානයක් රැස්වි නැගූ හඬ මුළු  ලෝකයේම ඇස් ඇරවීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1910 වර්ෂයේ  ඩෙන්මාර්කයේ අගනුවර වු කෝපන් හේගන් හි දීප්‍රථම කාන්තා දින සැමරුම පැවිත්විණී.
    ශ්‍රී ලංකාවේ පළමු කාන්තා දින සැමරුම 1983 වසරේදී පැවත්විණි.

    ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya