අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ සම්බන්ධිකරණ කමිටුව 27දා

    පෙබරවාරි 24, 2017

    ගම්පහ දිස්ත්‍රික්  සම්බන්ධිකරණ කමිටු රැස්වීම 27   දින පෙරවරු 9.30 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, සම සභාපතිවරු වන අජිත් මාන්නප්පෙරුම සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති  සුනිල් ජයලත් මහතා පවසයි.

    මෙම කමිටු රැස්වීමේදී 2016 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ඇතුළු සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය හා 2017 වර්ෂයේ ක්‍රියාත්මක වීමට නියමිත විමධ්‍යගත අයවැය වැඩසටහන ඇතුළු සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් දේශපාලන අධිකාරියප්‍රදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

    dmu_gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya