අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගන, හුණුගල් කර්මාන්තශාලාවලින් සිදුවන පරිසර හානි අවම කිරීමට පියවර

    පෙබරවාරි 24, 2017

    මහනුවර දිගන ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කර්මාන්ත ශාලාවලින් පරිසරයට සිදුවන හානිය අවම කිරිමට මාස දෙකක් තුල වහම පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.

    දිගන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සාම්ප්‍රදායික හුනුගල් කර්මාන්තශාලා තුළින් පරිසරයට හානි සිදුවන බවට ප්‍රදේශවාසින්ගෙන් පැමිණිලි ලැබි ඇති බව පැවසු දිසාපතිවරයා ඒ පිළිබද පරිසර අධිකාරියෙන් කරුණු විමසන ලදී.

     

    මෙම කර්මාන්තශාලා සාම්ප්‍රදායික ක්‍රමයට පවත්වාගෙන යන බවත් දිවා රාත්‍රී අඛණ්ඩ හුනු ගල් පිලිස්සීම සිදුවන බවත් මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් හා කුණ්ඩසාල ප්‍රාදේශීය සභවේ නිලධාරින් එහිදී පෙන්වා දෙන ලදී.

     

    මෙම හුණුගල් කර්මාන්තයේ විශාල පිරිසක් යෙදි සිටින බැවින් කර්මාන්ත ඉවත් කිරීම ප්‍රායෝගික නොවන බව පැවසු දිසාපතිවරයා සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට නව තාක්ෂණය හදුන්වා දිමට කටයුතු කරන ලෙසද මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. එ සදහා කාර්මික තාක්ෂණ ආයතනයේ සහය ලබාගෙන පරිසර හානි අවම වන පරිදි කර්මාන්ත ශාලා ප්‍රතිව්‍යුහග කිරීමට පියවර ගන්නා ලෙසත්, මාස දෙකක් ඇතුලත මෙම කටයුත්ත අවසන් කරන ලෙසත් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ නිලධාරින්ට හා මධ්‍යමපරිසර අධිකාරියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී පැවැති දිස්ත්‍රික් පාරිසරික කමිටුවේදී මෙම කරුණු සාකච්ඡාවට බදුන් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya