අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත ගැන ගාල්ල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

    පෙබරවාරි 22, 2017

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා මෙහි දී වැඩසටහන මෙහෙය වූ අතර සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

    මෙහිදී ආරම්භයේ අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා “තොරතුරු යාවත්කාලීන කිරීමට නිලධාරීන්ට සිදු වේවි. ඇමතුම් දින පොත භාවිතා කිරීමට සිදුවේවි. නිහඬව කල් මරන නිලධාරීන්ට මෙම පනතෙන් ගැලවීමක් නැතිවේවි. සියළුම දත්ත ඉල්ලීමට පෙර සිටම ප්‍රදර්ශනය කරන්න. වෙඩ් අඩවියට මුදා හරින්න.නැතිනම් පොතක් ලෙස හෝ මුද්‍රණය කරන්න.ඕනෑම අයෙකුට බලන්න ඉඩදෙන්න. එවිට ඔබ තොරතුරු වලින් නිදහස්.තොරතුරු අයිතිය එයයි.එය ජනතාවට ලබාදෙන්න “ යැයි සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya