අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කදුරට ගුවන්විදුලිය සංවර්ධනයට මුදල් වෙන් කරනවා - ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    පෙබරවාරි 18, 2017

      
    වර්තමානයේ එෆ්.එම් නාලිකාවලට සවන්දිමේදී නිවේදකයින්ගේ භාෂා භාවිතය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු මතුවන බැවින් ජනමාධ්‍ය කේෂත්‍රයේ නිරතවන්නන්ට පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන බව පාර්ලිමේන්තු කටයුතු හාජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    එවැනි වටපිටාවක් තුළ ජාතික ගුවන්විදුලිය ජාතික වගකීම හා ප්‍රමිතිය ආරක්ෂාකර ගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවද අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ආරම්භකර ඇති කොත්මලේ මාධ්‍ය ඇකඩමියෙන් පුහුණුව ලැබු සිංහල හා දෙමළ මාධ්‍ය පුහුණුලාභීන් 150 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

     

    වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා , අභාවයට යමින් තිබු කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය අද නිවේදකයින් පුහුණු කරන මධ්‍යස්ථානයක් වශයෙන් වැඩි දියුණු කිරීමට ලැබීම සතුටට කරුණක් බව පෙන්වා දුන් අතර, කන්ද උඩරටට විශාල සේවයක් සලසන කදුරට සේවය සදහා නව පරිපාලන ගොඩනැගිල්ලක් හා මැදිරි සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් රජය මගින් වෙන් කොට ඇති බව ද පැවසීය. කදුරට සේවය නිරීක්ෂණය කිරීමේදී එහි පහසුකම් අවම මට්ටමක පවතින බව අවබෝධ කරගත් බැවින් තමන් මෙම තීරණයට පැමිණි බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍යවේදී හැදුනුම්පත නිකුත් කිරිමේදී භුගෝලීය වශයෙන් ‍බෙදිමක් නොකොට පොදුවේ සියලු දෙනාටම පොදු මාධ්‍ය හැදුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය. වර්තමානයේ පුවත්පත් මගින් යම් අයෙකුට අසාධාරණයක් වුවහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතනයක් තිබුණත්, විද්‍යුත් මාධ්‍යයෙන් යමෙකුට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආයතයනයක් නොමැති බැවින් ස්වාධීන ජනමාධ්‍ය කොමිෂමක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන ලදී.

     

    ‍පේරාදෙණිය සේවා සංසරණ ආයතනයේදී පසුගිය 16 දා පැවති මෙම සහතිකපත් ප්‍රදානය සදහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya