මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගල්ල රෝහලට මහල් දහයකින් යුත් නව ශල්‍ය වාට්ටු සංකීර්ණයක්- දැඩි සත්කාර ඒකකයක්

    පෙබරවාරි 18, 2017

    සුනාමි ව්‍යසනයෙන් පසු තංගල්ල රෝහල සංවර්ධනය කිරීමටත් , රෝහලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සියල්ල ලබා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගනු ලැබිය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය හා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතා පසුගිය දා  තංගල්ල රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවය .

    මෙහිදී තංගල්ල මූලික රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමද සිදු කෙරිණ .නෙදර්ලන්ත ආධාර යටතේ ඉදි වූ ප්‍රදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 න් 07 වැන්න එයයි.

    අදාල මධ්‍යස්ථාන 19 ඉදිකිරිම සඳහා වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 28 කි. සෙසු මධ්‍යස්ථාන ද නොබෝ දිනකින් විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

    අනතුරුව ඇමතිවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ,පළාත් සෞඛ්‍ය බලධාරීන් සහ රෝහල් අධිකාරී වෛද්‍ය ඉරංගා යක්දෙහිගේ මහත්මිය ඇතුළු රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිස රෝහලේ එක් එක් අංශ වෙත යමින් පවතින අඩුපාඩු සොයා බලමින් එකී අඩුපාඩු සපුරාලීමට අවශ්‍ය උපදෙස් ලබාදිමට ද පියවර ගැනිණ . අනතුරුව පවතින ගැටළු හා අඩුපාඩු පිලිබදව දීර්ඝ සාකච්ජාවක් පැවැත්විණ .

     

    ඒ අනුව මහල් 10 කින් සමන්විත ශල්‍ය වාට්ටු සංකීර්ණයක් තංගල්ල මුලික රෝහලට ලබාදීමට අවශ්‍ය සියළු පියවර ගැනීමට ඒ අවස්ථාවේදීම උපදෙස් ලබා දුන්නේය . දැනට ඉදිකෙරෙමින් පවතින ළමා වාට්ටු සංකීර්ණයේ කටයුතු අවසන් කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සදහා රුපියල් ලක්‍ෂ 250 මුදලක් ලබා දීමට ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න   මහතා විසින් පියවර ගනු ලැබිය . රෝහලේ සායනික අපද්‍රව්‍ය පිළිස්සීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරමින් අපද්‍රව්‍ය පිළිස්සීමේ දහන උදුනක් ලබාදීමටද කටයුතු කෙරිණ . දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණද ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍යංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දෙන ලදී .

     

    රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිගය පිලිබදව අවදානය යොමු කරමින් වෛද්‍ය හිගය අවම කිරීම සදහා ගතයුතු පියවර පිලිබදව අවශ්‍ය උපදෙස් ලබා දුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, එකී කටයුතු කඩිනමින් සිදු කරණ ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

    රෝහලට අධිකරණ වෛද්‍යවරයකුගේ අඩුපාඩුවක් පවතින බවට මෙහිදී ඉදිරිපත් වූ කරුනු කෙරෙහිද අවධානය යොමුකරමින් ඒ සදහාද කඩිනමින් විසදුමක් ලබාදීමට පියවර ගැනීමට කටයුතු කෙරිණ. ඊට අමතරව රෝහලට අවශ්‍ය ගිලන්රථ දෙකක් දෙසතියක් වැනි ඉතාම කෙටි කාලයක් තුල ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී .

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya