අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ස්වශක්ති‘ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන මෙහෙයුම් කමිටුව රැස්වේ

    පෙබරවාරි 18, 2017

    තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කර ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පරිසරයක් ඇතිකර දීමටත් ඒ සඳහා තාක්ෂණය, මූල්‍ය සම්පත්, වෙළඳපොල හා නව දැනුම ලබාදීම තුළින් නව ව්‍යාපාර 25000 ක් බිහි කිරීමේ ප්‍රමුඛ අරමුණින් ආරම්භ කරන ලද ‘ස්වශක්ති‘ - රැකියා දස ලක්ෂයක් කරා ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන මෙහෙයුම් කමිටුව පසුගිය දා  මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දීපැවැත්විණි.

    දේශිය ශ්‍රමය හා අමුද්‍රව්‍ය පාදකකොට ගනිමින් තරඟකාරී වෙළඳපොල තුළ කුඩා ව්‍යාපාර සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමත් රැකියා ජනනය සඳහා මංපෙත් විවර කිරීමත් එතුළින් සමබර ප්‍රාදේශිය සංවර්ධනයක් උදාකර ගැනීමත් පරමාර්ථකර ගනිමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ‘ස්වශක්ති‘ වැඩසටහන ක්‍රියාවට නංවයි. වැඩසටහන සඳහා වැදගත් වන අනෙකුත් අමාත්‍යංශ, ඒවා යටතේ ක්‍රියාත්මක වන ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.

     

    ස්වශක්ති ජාතික මෙහෙයුම් කමිටුව, දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා ප්‍රාදේශිය මෙහෙයුම් කමිටුව හරහා වැඩසටහන ග්‍රාමීය ජනතාව වෙත ගෙනයාමට නියමිත ය. ස්වශක්තියෙන් නැගී සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් පවතින ඇතැම් නීති රෙගුලාසි ලිහිල් කරමින් පහසුකම් සැලසීමට කටයුතු කරන බව මෙහි දී අදහස් දැක් වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා පැවසීය.

     

    මේ අවස්ථාව සඳහා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය හා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ විදුර ප්‍රසන්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, අනෙකුත් මූල්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා ව්‍යාපාරික සංගම් සහභාගි වී සිටියහ. මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතාගේ ප්‍රමුඛ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය රැස්වීම සංවිධානයකර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya