මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල තබයි

    පෙබරවාරි 14, 2017

    ගාල්ල, සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 289 ක වියදමකින් යුතුව මෙම ඉදිකිරීම් සිදු කිරීමට නියමිතය.

     

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya