මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සඳරිවිගම" උදාගම්මානය ජනතා අයිතියට

    පෙබරවාරි 03, 2017
    උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 18වැනි ආදර්ශ උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ "සඳරිවිගම" ගම්මානය අද (03) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    ප්‍රජා සහභාගීත්ව නිවාස වැඩපිළිවෙළ යටතේ දියත් කළ මෙම ගම්මානයේ නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත රුපියල් 250,000බැගින් ඉතා අඩු පොලී ණය ලබා දී ඇති අතර ඔවුන්ගේ සිය පෞද්ගලික මුදල් ද ඊට එකතු කර ස්වකීය ශ්‍රමයෙන් නිවෙස් ඉදිකරගෙන තිබේ. මේ වන විට මොවුහු ලක්ෂ 08ක පමණ වටිනාකමින් යුතු නිවසක සාඩම්බර හිමිකරුවන් බවට පත්ව සිටිති.
     
    සඳරිවිගම ගම්මානයේ ඉදිකිරීම් අධීක්ෂණය කරමින් ඊට සත්කාරක දායකත්වය සපයන ලද්දේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ පවතින ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම විධිමත් ව සකස් කළ ප්‍ර වේශ මාර්ගයකින් සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ගම්මානය සමන්විත වේ. ඊට ජල විදුලිය පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සපයා දී තිබේ. ගම්මානයම ආවරණය වන ලෙස රුක් රෝපණ හා ගෙවතු වගා වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙනු ඇත.
     
    ගම්මානයේ ප්‍රතිලාභී පවුල් 25වෙත නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට අමතරව අවට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 656කට සිය නිවෙස් කපරාරු කර ගැනීම සඳහා රුපියල් 554,320ක් වටිනා සිමෙන්ති පරිත්‍යාග කෙරේ.
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන "ශිල්ප සවිය" වැඩසටහන යටතේ පුහුණුව ලබාදීමට තෝරාගත් තරුණ තරුණියන් 450කට රුපියල් 17,325,000ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල් පිරිනැමීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya