මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිවාදය පතුරවා බලය ලබාගත නොහැකියි - අමාත්‍ය දිගම්බරම්

    ජනවාරි 29, 2017
    මේ රට තුළ ජාතිවාදය පතුරවා ඇතැම් දේශපාලනඥයන් යළිත් මේ රටේ පාලන බලය ලබාගැනීමට උත්සාහ දරන බවත් මේ රටේ සමගියෙන් සිටින සිංහල දමිළ ජනතාව එයට කිසිසේත් ඉඩ ලබානොදෙන බව කඳුරට නව ගම්මාන වතුයටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී.දිගම්බරම් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. උත්සවය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවැත්විණි.
     
    රටේ ජාතික සමගිය ඇතිකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කටයුතු කරමින් සිටින අවස්ථාවක යළිත් ජාතිවාදය පතුරුවා බලය ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවත් කීය.
     
    වතුකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා තම අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් ලබාදුන් බවත් ඉදිරියේ දී ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට ද තම අමාත්‍යංශය මගින් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya