අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටගල ප්‍රාදේශීය රෝහලට නව ගිලන් රථයක්

    ජනවාරි 28, 2017
    පසුගිය 21දා තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවති උත්සවයකට සහභාගීවීමට ගිය ජනාධිපතිතුමා ගමන්ගත් ගුවන් යානය නතර කළ කොටගල ප්‍රදේශයේ දී ජනාධිපතිතුමා වටකරගත් පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එතුමා සමග සුහද කතා බහක නිරත විය.
     
    එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබද විමසා බැලු ජනාධිපතිතුමා පාසලේ පවතින අඩු පාඩු පිළිබඳව ද විමසා සිටියේය.
     
    එහිදී සිය පාසලේ පවතින සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලු ව පිළිබඳ ජනාධිපතිතුමාව දැනුවත් කළ පාසල් දරුවන් තවත් ඉල්ලීමක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ කොටගල ප්‍රාදේශීය රෝහලට ගිලන් රථයක් ලබා දෙන ලෙසයි.
     
    ඉන් සතියක් ඉක්ම යන්නට මත්තෙන් එම ඉල්ලීම ඉටුකිරීමට පියවරගත් ජනාධිපතිතුමා කොටගල ප්‍රාදේශීය රෝහලට මිලියන 06ක් වටිනා නවීන ගිලන් රථයක් ලබාදීමට ඊයේ (27) පියවර ගත්තේය.
     
    ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ, කොටගල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සාවිත්‍රි රවි වර්මා මහත්මීන් වෙත එම ගිලන් රථයට අදාළ ලියවිලි භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    කොටගල ප්‍රදේශය නියෝජනය කරමින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    දරුවන්ගේ ඉල්ලීම ඉටුකරමින් කොටගල දෙමළ මහා විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සඳහා ද කඩිනමින් පියවර ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිඛෙන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya