මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල - ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලට රුපියල් මිලියන 112ක්

    ජනවාරි 28, 2017
    කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කළ ප්‍රතිපාදන මගින් ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මළු ලබාදීමේ වැඩසටහනට සඳහා රුපියල් මිලියන 112ක් වෙන් කර ඇත. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය වැඩසටහන යටතේ මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.
     
    දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ උපදෙස් පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ  2017 ජනවාරි සිට පෝෂණ මළු ලබාදීමේ වැඩසටහන  ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඩබ්.ආර්.එම්.සී. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    මෙම වසරේ දී නියමිත දිනයන් හි අදාළ මව්වරු පෝෂණ ඇසුරුම් ලබා නොගන්නේ නම් ඒවා අවලංගු කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ඉතා දිළිදු ගැබිණි මව්වරු, කිරිදෙන මව්වරු මෙන්ම ඉහළ ආදායම් ලබන මවුවරු ද ලබා ගන්නා බව  සෙනෙවිරත්න මහතා වැඩිඳුරටත් පැවසීය. 
     
    මෙම වැඩසටහන සඳහා පසුගිය වසරේ රුපියල් 499,665,971.5ක මුදලක් වැය කොට ඇති බවත් 98.06% ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත්, ඒ මහතා වැඩිඳුරටත් සඳහන් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya