අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගදීප විහාරස්ථානයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

    ජනවාරි 27, 2017
    නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මුචලින්ද නාග දරණාරූඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා පූජා කිරීම ඊයේ (26) ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන ෙහෙට්ටිආරච්චි මහතා අතින් සිදු කෙරිණි. 
     
    උතුරු පළාත් ප්‍රධාන සංඝනායක නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපානන්ගේ අනුශාසනා පරිදි, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ඩී.එම්.එස්. ජයවර්ධන මහතාගේ නිර්මාණයක් වශයෙන් මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කෙරිණි. 
     
    මෙම පුණ්‍ය කර්මය සඳහා ඉඩම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, සරත් චන්ද්‍රසිරි විතාන මහතා, නාවික හමුදාපතිතුමන්, හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වර්තමානයේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කරන අද්මිරාල් දයා සඳගිරි, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya