අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ගොවි අයිතියට

    ජනවාරි 27, 2017
    2017 අයවැය මගින් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් යථාර්ථයක් බවට පත් කරමින් මන්නාරම ධාන්‍ය ගබඩා සංකීර්ණය ඊයේ (26) ගොවි ජන අයිතියට පත් කෙරුණි.
     
    ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 264ක වියදමින් මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම ධාන්‍යාගාරය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 10,000ක් එකවර ගබඩා කිරීමේ හැකියාව පවතී. වර්ග අඩි 21,586ක වපසරියකින් මෙම ගබඩා සංකීර්ණය සමන්විත ය. මෙමගින් ගොවීන් දහසකට පමණ ප්‍රතිලාභ හිමිවේ. වී, මුං, කව්පි, සෝයා, රටකජු ආදී ධාන්‍ය මෙහි ගබඩා කළ හැකි ය.  
     
    කෘෂි කර්මාන්තයෙන් රට ස්වංපෝෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ අතිරික්ත ධාන්‍ය ගබඩා කිරීම සඳහා වන ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ක්‍රමය තව දුරටත් ව්‍යාප්ත කිරීමට මෙමගින් අවස්ථාව හිමිවෙයි. ගලෙන්බිඳුණු වැව සහ බුත්තල ධාන්‍යාගාර දැනටමත් ක්‍රියාත්මක අතර එහි තුන් වැන්න ලෙස මන්නාරම ධාන්‍යාගාරය විවෘත කෙරිණි. මීට අමතරව ඉදිරියේ දී කිලිනොච්චි සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ද මෙවැනි ගබඩා ඉදි කිරීමට සැලසුම් කර ඇත. රජය ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 600කි.
     
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya