මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින වැසි තත්ත්වයේ වර්ධනය වීමක්

    ජනවාරි 27, 2017
    දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවත් දිවයිනේ බොහෝ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ඒ අනුව ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මී 100ට වැසි) බලාපොරොත්තු විය හැකිය.
     
    ගිගිරුම් වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
     
    දිවයින අවට මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන අතර දිවයින වටා මුහුදේ විටින් විට වැසි, ගිගිරුම් සහිත වැසි හෝ තද වැසි ඇතිවිය හැකිය. 
     
    දැනට පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් විශේෂයෙන් බස්නාහිර, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70 - 80ත් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවල සුළං රළු වීමට වැඩි හැකියාවක් ඇත. එබැවින් ධීවර ප්‍රජාව මෙන් ම නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya