අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව වැඩිදියුණු කිරීමට රණවිරු සේවා අධිකාරිය මඩකලපුවට

    ජනවාරි 25, 2017
    ජාතික සංහිඳියාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සම්පත්දායකයින්ගේ මුලිකත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වල රණවිරු දූ දරුවන් සඳහා සහ ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන පවුල්වල ඉගෙනිමට දක්ෂ සිංහල, දමිළ සහ මුස්ලිම් සිසු දරුවන් සඳහා පාසැල් උපකරණ බෙදා දීමේ උත්සවයක් හෙට (26) වන මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යයාලිය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
     
    වසර 35කට පසු සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතින්ගේ එකමුතුවෙන් මඩකලපුවේ පවත්වන ප්‍රථම වැඩසටහන මෙය වන අතර සිසු දරුවන් 500දෙනෙකුට පාසැල් උපකරණ බෙදා දීමට අමතරව මඩකලපු දිස්ත්‍රික් රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ද, තෝරා ගත් රණවිරු පවුල් සාමාජිකයින් සඳහා මහන මැෂින් සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනය මගින් මැහුම් පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබදීම ද මෙහිදී සිදු කිරිමට අපේක්ෂිතය.
     
    මෙම වැඩසටහන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යතුමා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා, උප සභාපති උපුලාංගනී මාලගමුව සහ  ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රදේශ භාර නිලධාරීන් ඇතුළු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මුලික කටයුතු රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත කමලසිරි මහතාගේ සහ මඩකලපු දිස්ත්‍රික් නිලධාරිනි ගීතිකා ජයවර්ධන මහත්මියගේ දායකත්වයෙන් සිදුවිය. 
     
    මෙම වැඩසටහනට අමතරව මෙහිදී මඩකලපු දිස්ත්‍රික් රණවිරු සංසද සුහද හමුව සහ ප්‍රජා සහයෝගිතා වැඩසටහනක් ද පැවැත්වීමට  රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya