අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර සංවර්ධන ව්‍යාපෘති 100 ක්

    ජනවාරි 25, 2017
    ඇල මාර්ග, කාණු පද්ධති, ජල කළමනාකරණය විධිමත් කිරීම, කසල කළමනාකරණය, ඉඩම් සංවර්ධන ආදී කර්තව්‍යයන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින අතර ම ඒවා නාගරික සංවර්ධනයට ඉතාමත් අත්‍යාවශ්‍ය සංවර්ධන කර්තව්‍යයන් බවත්  මේ වසරේ ජනවාරි 8දා සිට අපේ‍්‍රල් 13දා දක්වා ජනපති පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් නව සංවර්ධන ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, වේරැස්ගඟ වැසිජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ලද සූරියමල් මාවත, අඹගහවත්ත නව පාලම් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.
     
    විධිමත් නාගරික සංවර්ධනයක් ඉදිරියට ගෙනයාමට ඉදිරි වසර 03 ඇතුළත පිලියන්දල ප‍්‍රදේශය විධිමත් නගරයක් ලෙස නිර්මාණය කරන බවත් බහුකාර්ය බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් නව නගරයක් නිර්මාණය කරන අතර  මධ්‍යම පාන්තික ප‍්‍රදේශයක් ලෙස බොරලැස්ගමුව, රත්තනපිටිය ප‍්‍රදේශය සංවර්ධනය වන අතර එයට ගැලපෙන වාණිජ මධ්‍යස්ථානයක් ඉදිවනවා බවත් පෙන්වා දුන්නේය.  
     
    එමෙන් ම තවදුරටත් පර්. 15 ඉඩම් නොමැති බැවින් ප‍්‍රදේශයට ගැළපෙන මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණ 03ක් රත්මලාන, පිලියන්දල, මහරගම සහ කොට්ටාව ඇතුළු ප‍්‍රදේශවල ඉදිකිරීමට මෙම වසරේ දී කටයුතු පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතුවලදී විශාල වශයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ගැටළු මතු වූ නමුත් එම පාර්ශවයන් සමග සාමුහිකව කටයුතු කර ඔවුන්ගෙ හඬට ඇහුම්කන් දී ඒ සියල්ල නිවැරදි කර ගනිමින් ලංකා ඉතිහාසයේ සිදු කෙරුණු විශාලත ම පෞද්ගලික ආයෝජනයෙන් ලංකාවේ මූල්‍ය නගරය 2019 දී ඉදිකිරීම් ආරම්භ කිරීමට තිබුණ ද කඩිනම් ව්‍යාපෘතියක් ලෙස 2018 දී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.
     
    මේ වසරේ වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ සේවා නගරයේ වැඩකටයුතුත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සියලු ම රාජ්‍ය ආයතනවල කසල පරිහරණ පිළිබඳ යෝජනා විමර්ශනය කොට ලබා දී ඇතැයි ද රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණ ද නොලැබුණ ද අපෙන් විය යුතු යුතුකම් අපි මැනවින් ඉටු කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya