අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධන ක්‍රියාදාමය අකර්මණ්‍ය කිරීමට ඉඩ නොතැබිය යුතුයි - මුදල් ඇමති

    ජනවාරි 24, 2017
    අකාර්යයක්ෂම නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට ඉඩ දී රටේ සංවර්ධන ක්‍රියාදාමය අකර්මණ්‍ය කිරීමට වෘත්තිකයන් ලෙස ඊට ඉඩ නොතැබිය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙතෙක් මෙරට පැවැති  එබඳු නිලධාරීවාදයට වෘත්තිකයන් මෙන් ම ඇතැම් දේශපාලනඥයන් ද හිස නමන තත්ත්වක් පවතින බවයි. එහෙත් ඉන් පීඩාවට පත් වන්නේ රටේ පොදු මහ ජනතාව බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
     
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්ක උත්සවයට එක්වෙමිනි. උත්සවය ඊයේ (23) පෙරවරුවේ ­ කොළඹ මූල්‍ය පුහුණු ආයතනය (මිලෝදා) දී පැවැත්විණි. මෙහි ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වූයේ බ්‍රිතාන්‍යයේ “මිල දී ගැනීම් සහ සැපයුම් පිළිබඳ වරලත් ආයතනයේ” ප්‍රසම්පාදන විශේෂඥ සහ වංචා විමර්ශක ආචාර්ය කොලින් ක්‍රාම් මහතාය.
     
    අකාර්යක්ෂම දේශපාලනඥයන්ට හා නිලධාරීවාදයට අභියෝග කිරීමට අද රාජ්‍ය සේවයේ වෘත්තිකයන් බිය විය යුතු නොමැති බව අවධාරණය කළ අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ පවතින යහපාලන රජය ඉදිරිපත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොබියව ඉදිරිපත් විය යුතු බවයි. ප්‍රකාශ කරන දෙය ක්‍රියාවට නැංවීමට හැකියාවක් නොමැති නම්, සියලු උත්සහයන්ගෙන් පළක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ අකාර්යක්ෂම දේශපාලනඥයන්ට අවනත වෙමින්  පවතින අකාර්යයක්ෂම ක්‍රමයට අනුගතව, ඇතැම් රාජ්‍ය සේවකයන් කටයුතු කරන අතර එයට අභියෝග කරන පිරිස ඉතා සීමිත බවයි.
     
    අකාර්යක්ෂමතාව හා දූෂණය නිසා විශේෂයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී රාජ්‍ය සම්පත් අහිමි වන බව පැවසූ මුදල් අමාත්‍යවරයා රාජ්‍ය වෘත්තිකයන්ගේ කාර්යයක්ෂමතාව වර්ධනය කිරීම තුළින් විශාල අරමුදල් ඉතිරියක් කර ගත හැකි බව ද  පෙන්වා දුන්නේය.
     
    ප්‍රසම්පාදන කොමිසම සහ එහි අභියාචනා මණ්ඩලයෙහි බරපතල වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් මගින්  මෙම තත්ත්වය නිවැරැදි කිරීමට උත්සහ දරා ඇති බවයි. තමා මෑතක සහභාගී වූ ලෝක ආර්ථික සමුළුවේ දී ලෝකයේ බොහෝ බලවත් රටවල නායකයන්  ශ්‍රී ලංකාව දෙස මහත් ඕනෑකමින් අවධානය යොමු කරනු දුටු බව හෙතෙම පැවැසීය.  ව්‍යාපාරිකයන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත ප්‍රකාශ කළ බව කී අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ එසේ පැමිණෙන ආයෝජකයන්ට සේවා සැපයීම බාධාවකින් තොරව සිදු කළ යුතු බවයි.
     
    සමස්ත ලෝකය පුරාම ආර්ථික කැලඹිලි තත්ත්වයක් තුළ ලෝකයේ ප්‍රභල ම රටවල ව්‍යාපාරිකයන් ශ්‍රි ලංකාව දෙස විශ්වාසයෙන් බැලීම මෙතෙක් ගොඩනගාගත් ස්ථාවර ආර්ථික පදනම බව පැවසූ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ තවදුරටත් සාර්ථකයත්වයේ උපරිමය කරා ළගාවීමට සියලු දෙනාගේ කැපවීම අපේක්ෂා කරන බවයි.
     
    එබැවින් පවත්නා කාර්යයක්ෂම  රජය පරණ පුරුදු අමතක කර කැපවීමෙන් හා කාර්යයක්ෂමතාව ඉහළ නංවා ගනිමින් ලෝක අභියෝගයන්ට මුහුණ දීමට සියලු වෘත්තිකයන්ට ආරාධනා කරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
     
    මෙම අවස්ථාවට මිලෝදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya