අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාන් ඔය ඉඩම් අහිමිවන්නන්ට ඉඩම් හඳුනා ගැනිම සති දෙකකින් අවසන්

    ජනවාරි 24, 2017
    යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන පවුල් සඳහා  නිසි ස්ථානවලින් ඉඩම් හඳුනාගෙන ඉදිරි සති දෙක ඇතුලත දී ස්ථිර විසඳුමකට එළඹිමට පියවර ගෙන තිබෙන බව  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කරයි.
     
    මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් යාන්  ව්‍යපෘති අධ්‍යක්ෂවරුන් හා අනෙකුත් නිලධාරීන් සමග පසුගියදා පවත්වා ඇති අතර එහි මේ බව අනාවරණය වී ඇත.
     
    ඉඩම් අහිමිවන පවුල් අසු එකක් සඳහා විවිධ ස්ථානවලින් ඉඩම් හඳුනාගත්ත ද එම ඉඩම් සඳහා ජනතාවගේ කැමැත්තක් නොමැති වීම ඉඩම් ලබාදීමේ ප්‍රමාදයට හේතු  වි තිබේ.  පෙර සිටි ස්ථානවලට ආසන්න ප්‍රදේශයකින් ඉඩම් ලබාගැනීම ජනතාවගේ බලාපොරොත්තුවයි. එමෙන්ම සියලු ම  පවුල් එකම ප්‍රදේශයක පදිංචිකරවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිති. නමුත් එම ආසන්න ප්‍රදේශ බොහෝමයක් වන රක්ෂිත ප්‍රදේශ ලෙස පැවතීම ගැටලුවක් වී ඇත. 
     
    එහෙත් රක්ෂිතයක පවතින වටිනාකම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් විසින් පැහැදිලිකර දීමෙන් පසුව වෙනත් සුදුසු ස්ථානයකින් ඉඩම් ලබාගැනිමට ජනතාව කැමැත්ත පළකර තිබේ. දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාං ඔය ව්‍යාපෘති කාර්යාලයේ දී පැවැති රැස්වීමේ දී ගත් තීන්දුවකට අනුව තවත් සති දෙකකින් අදාල ඉඩම් හඳුනාගෙන ස්ථිර වශයෙන්ම ජනතාවට දැනුම් දීමට  කටයුතු කරනු ඇත.  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්, යාන් ඔය ව්‍යපෘතියේ අධ්‍යක්ෂවරුන්, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම්වරුන්, අදාල ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.  
     
    ඝන මීටර් මිලියන 169 ක ජල ධරිතාවකින් යුත් ජලාශයක් ලෙස ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම්වලින් සියයට 93ක ප්‍රමාණයක් මේ වන විට අවසන් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya