අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර ජල අවශ්‍යතා සපිරේ

    ජනවාරි 24, 2017
    රෝහල්, පාසැල්, ආපනශාලා ඇතුළු ජලය අවශ්‍යවන සෑම ආයතනයකට ම පානීය ජල පහසුකම් සපයාදීමට කටයුතු කරන ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩි.සි. ජයලාල් මහතා ජාතික ජලසම්පාදන මණ්ඩලයට හා ආපදා කළමනාකරණ ඒකකයට උපදෙස් ලබා දී ඇත.
     
    පවතින නියඟ තත්ත්වය තුළ රජයේ  හා පොද්ගලික ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු මේවන විට සිදු කරමින් පවතී.
     
    ජල ටැංකි පවතින ස්ථානවලට ජලය සැපයීමටත් ජල ටැංකි නොමැති ස්ථාන සඳහා ටැංකි සමග ජලය සැපයීමටත් මේ අනුව කටයුතු කෙරේ. 
     
    වාද්දුවේ සිට අලුත්ගම දක්වා වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ආයතනවලට මෙම පානීය ජල ගැටලු ව තදින්ම පවතී. නලළිං හා ලිං ඇති ආයතනවල ඒවා පිරිසිදු කර බීමට සුදුසු තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙර්. 
     
    මිට අමතරව අලුතෙන් නලළිං සකස් කිරීමට සුදුසු ස්ථාන පරීක්ෂා කිරීම ද ඉදිරි දිනවලදී සිදු කෙරේ.
     
    කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩි.සි. ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණවලට එළඹුණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya