අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාන් ඔය ජලාශයෙන් ඉඩම් අහිමි වූවන්ට නව ඉඩම් හඳුනා ගැනිම දෙසතියකින්

    ජනවාරි 23, 2017

    යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන පවුල් සඳහා  නිසි ස්ථානවලින් ඉඩම් හඳුනාගෙන ඉදිරි සති දෙක ඇතුලත දී ස්ථිර විසඳුමකට එළඹිමට පියවර ගෙන තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය එක්කය සඳහන් කරයි.


    අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් යාන්  ව්‍යපෘති අධ්‍යක්ෂවරුන් හා අනෙකුත් නිලධාරීන් සමඟ පසුගියදා පැවැත්වූ බවයි.

    ඉඩම් අහිමිවන පවුල් අසු එකක් සඳහා විවිධ ස්ථානවලින් ඉඩම් හදුනාගත්ත ද එම ඉඩම් සඳහා ජනතාවගේ කැමැත්තක් නොමැති වීම ඉඩම් ලබාදීමේ ප්‍රමාදයට හේතු  වි තිබේ.
     
    ඔවුන් පෙර සිටි ස්ථානවලට ආසන්න ප්‍රදේශයකින් ඉඩම් ලබාගැනීම ජනතාවගේ බලාපොරොත්තුව වන අතර එමෙන්ම සියලුම  පවුල් එකම ප්‍රදේශයක පදිංචිකරවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිති.

    නමුත් එම ආසන්න ප්‍රදේශ බොහෝමයක් වන රක්ෂිත ප්‍රදේශ ලෙස පැවතීම ගැටලුවකි. ජනතාව මෙම රක්ෂිත ප්‍රදේශවලින් ඉඩම් ලබාගැනිමට කැමැත්තක් දක්වයි. එහෙත් රක්ෂීතයක පවතින වටිනාකම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් විසින් පැහැදිලිකර දීමෙන් පසුව වෙනත් සුදුසු ස්ථානයකින් ඉඩම් ලබාගැනිමට ජනතාව කැමැත්ත පළකර තිබේ. දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාං ඔය ව්‍යාපෘති කාර්යාලයේ දී පැවැති රැස්වීමේ දී ගත් තීන්දුවකට අනුව තවත් සති දෙකකින් අදාළ ඉඩම් හඳුනාගෙන ස්ථිර වශයෙන්ම ජනතාවට දැනුම් දීමට  කටයුතු කිරීමට නියමිතය.  

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය  , වාරිමාර්ග දෙපාර්තමේන්තුව , නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් , යාන් ඔය ව්‍යපෘතියේ අධ්‍යක්ෂවරුන් , පදවිය, කැබිතිගොල්ලෑව , හොරොව්පතාන ප්‍රාදේශිය ලෙක්ම්වරුන් , අදාල ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව මෙම රැස්වීමට එක්ව සිටියහ.
     
    ඝන මීටර් මිලියන 169ක ජල ධරිතාවකින් යුත් ජලාශයක් ලෙස ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් වලින් සියයට 93 ක ප්‍රමාණයක් මේ වන විට අවසන් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya