මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වව්නියාව බස් නැවතුම ජාතික සංහිදියාවේ තවත් සංධිස්ථානයක් - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    ජනවාරි 18, 2017
    උතුර සහ දකුණ යා කිරීමේ භූගෝලීය සංධිස්ථානයක් වන වව්නියාව නව බස් නැවතුම්පල විවෘත කිරීමට හැකිවීම ජාතික සංහිදියාවේ මූලික ප්‍රයත්නයක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
     
    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් රුපියල් ලක්ෂ 1950 ක වියදමින් වව්නියාව නගරයේ ඉදිකළ බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    "මේ අමාත්‍යාංශය බාරගන්නා විට මෙම බස් නැවතුම අර්ධ වශයෙන් නිම කළ බස්නැවතුමක්. මේ බස් නැවතුම්පලේ තියන වටිනාකම හා දේශපාලන සංහිදියාව සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය කියන මේ කරුණු දෙකම සැලකිල්ලට ගෙන මුල සැලසුමේ නොතිබුන සමහර අංග උපාංග රාශියක් අපි එකතු කරලා ඒ සඳහා අමතර මුදල් ලබාදීලා මෙය නිමකිරීමට හැකිවීම වාසනාවක්. උතුරත් දකුණත් කාලාන්තරයක්  තිස්සේ සටන් වැඳුණා. ඒ බලය බෙදා ගැනීමට දැන් මේ බස් නැවතුම්පලත් අන්න ඒක ඒක්තරා ආකාරයකින් සංකේතවත් කරනවා". 
     
    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය තිබෙන්නේ අන්තර් පළාත් අතර තිබෙන ගමනාගමනය විධිමත් කිරීමට බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඒක අපට නීතියෙන් පැවරිලා තියෙන වගකීමක් මෙන් ම එම නියෝගවලට ලංකා ගමනාගමන මණ්ඩලයත් පෞද්ගලික බස් රථ හිමියනුත් අනුගත විය යුතු බවත් කීය. මේ දෙපාර්ශවයේ කාටවත් තමන්ට අත්තනෝමතිකව වැඩකටයුතු කරන්න අයිතියක් නොමැති බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඒකාබද්ධ කාල සටහන අනුව වැඩකිරීම දෙගොල්ලන්ගේ යුතුකම හා වගකීම බව තමන් විශ්වාස කරන බවත් පෙන්වා දුන්නේය.
     
    මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ රජය මේ රටේ සුළු ජනතාවගේ අයිතිවාසිකම් රැකීම සඳහා ඒවා ලබාදීම සදහා ඉතාම ලෙන්ගතුව ඉදිරිපත් වී ඇති බවද කී අමාත්‍යවරයා ඒ නිසා මේ ආණ්ඩුවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ද උතුරු පළාත් සභාවේ හෝ ඔවුන්ගේ පක්ෂය ඇතුලේ ඇති ප්‍රශ්න ඔවුන්ම බේරාගත යුතු බවද වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර ඇතුලු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya