අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා නොකරන කුඹුරුවල කෙටි කාලීන බෝග වගා කිරීමට පියවර

    ජනවාරි 17, 2017

    නියඟ තත්ත්වය සහ 2017 දිළිදු කමින් මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන විශේෂ සම්බන්ධීකර කමිටුවක් ඊයේ දින (16) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැතිණි.

    මේ අවස්ථාව සඳහා සම්බන්ධීකර කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සමඟි දකුණු පළාත් සභා ගරු අමාත්‍ය යූ. ඩී.ආරියතිලක යන මහත්වරුන් එක් ව සිටිය හ.

    මෙහිදී නියඟ තත්ත්යට මුහුණ දීම සඳහා දිස්ත්‍රික්කයේ ඉදිරියේ දී වගා නොකරන කුඹුරුවල කෙටි කාලීන බෝග වගා කරන ලෙසට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දීම සිදු විය.

    එමෙන් ම නව වගාවන් සහ ගෙවතු වගා වැනි ක්‍රම භාවිතා කිරීමෙන් එම භෝග සඳහා ජලය අවශ්‍ය වන බවත් ජලය අඩු වශයෙන් භාවිතා කළ හැකි නව බෝග වගා කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවටත් නිර්දේශ විය.

    මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත් බෙන්තර ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීම සිදුවේ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya