අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සෞඛ්‍ය කඳවුරක්

    ජනවාරි 17, 2017
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාගේ පෙන්වීම යටතේ එම ආයතනයේ සේවක සේවිකාවන් 350 කගේ සහභාගීත්වයෙන් අද (17) පෙරවරුවේ සෞඛ්‍ය කඳවුරක් පැවැත්විණි. 
     
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දී මෙම සෞඛ්‍ය කඳවුර ආරම්භ වුයේ එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි සහ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතාගේ සහභාගීත්වයෙනි. විශේෂඥ වෛද්‍ය පී.එම්. රත්නායක මහතා සෞඛ්‍ය කඳවුර මෙහෙය වූ අතර, මෙහිදී මුලික පරීක්ෂණ රැසකට සේවක සේවිකාවන් භාජනය කරන ලදී. 
     
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණවල සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් ද ලබන 19දා තවත් සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට නියමිතය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya