අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිළිඳුකම තුරන් කිරීමට පොලොන්නරුවෙන් ආරම්භයක්

    ජනවාරි 17, 2017
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍ර‍කාශයට පත්කරන ලද දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ඉලක්ක කර ගනිමින් පොලොන්නරු දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍ර‍තිලාභීන් සඳහා වැඩසටහන් කීපයක්ම දියත් කරන්නට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
     
    විසිතුරු මල් වගාව සිය අතිරේක ආදායමක් කරගත් උතුරු යටියල්පතාන ගම්මානය, ජනාධිපතිවරයාගේ මුල්ම ගම්මානය වන ලක්ෂ උයන ගම්මානය හා දිඹුලාගල බඳනාගල යන ගම්මාන තුන සමෘද්ධි ආදර්ශ  ගම්මාන බවට ප්‍ර‍කාශයට පත්කර එම ගම්වාසීන්ගේ ආර්ථික වර්ධනයට කටයුතු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
     
    සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය දා මෙම ගම්වාසීන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දෙන්නට කටයුතු කළ අතර ඒ සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 10 කට අධික මුදලක් වැයකර තිබිණි.
     
    පොලොන්නරුව දිවිනැගුම අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ මෙම ගම්මානවල සමෘද්ධි ප්‍ර‍තිලාභීන් හට කෘෂිකාර්මික උපකරණ, ගෙවතු වගා සඳහා ආරක්ෂිත කූඩාරම්, යකඩ වැඩ සඳහා අවශ්‍ය නවීන උපකරණ, භාණ්ඩ ප්‍ර‍වාහනය සඳහා යතුරුපැදි, වාහන ඇතුළු ස්වයං රැකියා උපකරණ රාශියක් මෙහිදී බෙදා දුන්නේය.
     
    ස්වයං රැකියා උපකරණ ලබා දීමට අමතරව පොලොන්නරුව විජයරාජ වැව සමෘද්ධි සහල් මෝල අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් විවෘත කරන ලදී.
     
    මීට අමතරව පොලොන්නරුව ජයන්තිපුර දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකුවද අමාත්‍ය දිසානායක මහතා හා උතුරුමැද පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.
     
    මෙම වැඩසටහන් සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න, පොලොන්නරුව දිවිනැගුම අධ්‍යක්ෂ රුවන් රාජශිල්ප යන මහත්වරුන් ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya