මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ට රුපියල් 4,122,500 ක් දඩ

    ජනවාරි 16, 2017
    මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ගෙන් රුපියල් හතලිස් එක් ලක්ෂ විසිදෙදාස් පන්සීයක් (4,122,500) දඩ මුදල් වශයෙන් අයකර ගෙන තිබේ.
    පසුගිය වසරේ වැටලීම් 818 ක් සිදු කර පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් 790 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය කටයුතු කර ඇත.
     
    මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම, වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත. 
     
    AP / DMU - Matara 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya