අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ෂාව ලබාගැනීමේ ප්‍රාර්ථනාවෙන් ආශිර්වාදාත්මක සති පිරිත් සජ්ඣායනයක් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී

    ජනවාරි 16, 2017
    පවතින නියං තත්ත්වය නිමාකර වර්ෂාව ලබාගැනීමේ ප්‍රාර්ථනාවෙන් හා රටට ජාතියට සෙත් පතා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස ආශිර්වාදාත්මක සති පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම  පිරිත් පිංකම සිදු කෙරුණ අතර මෙහිදී අනුරාධපුර සියලු ජලාශයන්ගෙන් රැගෙන එන ලද ජලය සත් දිනක් පුරා පිරිත් කළේය. පසුව එම පිරිත් පැන් ප්‍රධාන ජලාශයන්ට ඉසිම ද මහා සංඝරත්නය විසින් සිදුකරන ලදි.
    ඉන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි පැවැති දානමය පුණ්‍යකර්මයත් සිදු කරන ලදී. 
     
    අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය, අති ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය මත මෙම උතුම් පිංකම පැවැත්විණි. 
     
    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා සදහන් කළේ , වාරිමාර්ග දෙපර්තමේන්තුව මැදිහත්ව ආරම්භ කළ මෙම පිරිත් පිංකම අනුරාධපුර වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ බවයි. 
     
     හතරවනදා ඇරඹි පිරිත් පිංකම අවසන් වූයේ ඊයේ දිනට යෙදී තිබූ දුරුදු පුන් පොහෝදා , 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya