අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සහන නැතත් වෙළෙද ප්‍රජාවට ඉදිරියේ දී යහපත් කාලයක් - සෞඛ්‍ය ඇමැති

    ජනවාරි 14, 2017
    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසැලේ වෙළෙද ව්‍යාපාරික සංගමය සංවිධානය කළ තෛයිපොංගල් උත්සවය හිටපු ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි. 
     
    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වර්තමාන රජය තුළ ශ්‍රී ලාංකිකයින්ගේ ජාතිභේද, ආගම්භේද ප්‍රශ්න දක්නට නැහැ. සෑම කෙනෙකුටම සම අයිතිය ලබාදී තියෙනවා ගැටළුවක් ඇති නොවන පිරිදි. ජීවත්වීමේ නිදහසත්, සාමයත් උදාකර දී තිබෙනවා. ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන පක්ෂය වන ටි.එන්.ඒ සංවිධානය ප්‍රථම වරට රජයට සහයෝගය ලබාදෙනවා. ඔවුන් සෑම රජයකටම විරුද්ධව තමයි කටයුතු කළේ. දකුණේ දේශපාලන පක්ෂ තුළත් සහජීවනය නිර්මාණය කර තිබෙනවා. ජනතාව බියක්, සැකක් නැතිව ජීවත් වෙනවා. සුදු වෑන් සංස්කෘතිය අවසන් කර තිබෙනවා. දෙමටගොඩ පොදු වෙළෙදපොලේ සභාපතිවරයා පසුගිය රජය සමයේ දී පැහැර ගනු ලැබුවා. ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව අදහස් දැක්වීම හේතුවෙන්. වර්තමානයේ රජය විවේචනය කිරිමට ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව උදාවී තිබෙනවා. පෙළපාලි යන්නත් පුළුවන්. ජනතාවට එපාවෙන විදිහට ඇතැමුන් පෙළපාලි යනවා. සුළු දෙයටත් විරෝධතා පැවැත්වීමේ නිදහස ජනතාවට උදාවී තිබෙනවා" යැයි ද කීය. 
     
    "උතුරේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරනවා. හමුදා වාහන පැමිණ උතුරේ ජනතාව පැහැරගෙන යන්නේ නැහැ. පසුගිය රජය සමයේ ජාත්‍යන්තරය අපේ රට ගැරහුවා. වර්තමානයේ එම තත්ත්වය තුරන් වී තිබෙනවා. ජී.එස්.පී බදු සහනය හිමිකර ගැනීමට අපේ රජය සමත් වුනා. එමගින් අපනයන ආදායම වැඩි වෙනවා. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කිරීමට අපේ ව්‍යාපාරකයින්ට අවස්ථාව උදාවෙනවා. වෙළෙද කර්මාන්තය වාසිදායක තත්ත්වයට පත්වෙනවා. පසුගිය කාලය තුළ අපේ රජය වෙළෙද ප්‍රජාවට සහන ලබාදුන්නා. ඉදිරියේ දී රජයේ සහන නොලැබුනත් ව්‍යාපාරිකයින්ට හොඳ කාල පරිච්ඡේදයක් උදාවෙනවා. දේශිය සහ විදේශීය වෙළෙදපොල විවෘත වෙනවා. ප්‍රශ්න නිරාකරණය කිරීමෙන් ආයෝජකයින් ලංකාවට ගලාගෙන එනවා. ව්‍යාපාරික ප්‍රශ්න රජය සමග සාකච්ඡා කර විසදගන්න පුළුවන්. වර්තමානයේ ධිවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ හොඳ දේශපාලනඥයෙක්. මහින්ද අමරවීර අමාත්‍යවරයාට එම ධුරය ලබාගැනීමට මමත් උපකාර කළා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ඉදිරි දියුණුව සඳහා විනය නිසි පරිදි පවත්වාගෙන යාම ද ඉතා වැදගත්" බවත් පෙන්වා දුනි.
     
    මෙහිදී මෙම මත්ස්‍ය වෙළෙදපොලේ ඉවතලන අපද්‍රව්‍යවලින් සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිරික්ෂණය කරන ලදි. 
     
    මෙම අවස්ථාවට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ වෙළෙද ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරචිචි, ලේකම් ජයන්ත කුරේ, එහි පරිපාලන නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.    
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya