අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තීන්දු තීරණ ප්‍රමාද කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා - අධ්‍යාපන ඇමති

    ජනවාරි 14, 2017
    අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇතිකිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවත් සිසුන්ට වඩා පහසුවෙන් භාවිත කළ හැකි වෛද්‍යවරුන් අනුමත කළ නවීන පුටු ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ එවැනි හේතු මත බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) ජයවර්ධනපුර පිරිමි මහා විද්‍යාලයේ පැවැති ආදර්ශ සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.
     
    මෙවැනි ක්‍රියාමාර්ග මගින් තමන් අධෛර්යට පත් නොවී කෙසේ හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමඟ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25ක සුහුරු පන්ති කාමර (Smart Class Room) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
     
    නියමු න්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලබන මෙම සුහුරු පන්ති කාමරය තුළ වැබ් පරිගණක භාවිත කරමින් ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ඉගැන්වීමේ ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිඳු මුද්‍රිත පොතක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින පරිදි එම කාර්යයන් සැලසුම් කොට තිබේ.
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කෝජේන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya