අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනිම 27 දා

    ජනවාරි 12, 2017
    පෞද්ගලික අංශයේ රැකියා අපේක්ෂිතයන් රැකියා ගත කිරිම යටතේ පෞද්ගලික වෙළද සමාගම්හී රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ වැඩසටහනක් ජනවාරි 27 වැනි දින පෙ.ව.8.30 සිට ප.ව.1.30 දක්වා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විමට කටයුතු යොදා ඇතැයි අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා පවසයි.
    රත්නපුර දිස්ත්‍රික්කයේ විරැකියාව අවම කිරීමේ අරමුණින් මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමෙන්තුව මගින් සෑම වසරකම විවිධ වැඩසටහන් දියත් කෙරෙන බවත් ඒ මහතා තව දුරටත් පවසයි.
     
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් පරිදි රත්නපුර දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය මගින්  මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya