අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික් රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව 83ක්

    දෙසැම්බර් 08, 2016
    ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වෙසෙන යුද්ධයේ දී දිවිපිදු හා ආබාධිත වූ රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ඔවුන්ගේ අධ්‍යාපන ගමන උසස් අධ්‍යාපනය දක්වා ගෙනයාමට උපකාරයක් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම රණවිරු සේවා අධිකාරියේ උප සභාපති උපුලංගනී මාලගමුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු විය.
     
    රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව ඒකකයේ මෙහෙයවීමෙන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ  ආර්.කේ. ශාන්තසිරි මහතාගේ සංවිධානයෙන්  මෙලෙස රණවිරු පවුල්වල දුවා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු විය. 
     
    එහිදී දැනට 6 වසරේ සිට 11 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හට රුපියල් 12,000ක වටිනා කමින් යුත් ශිෂ්‍යත්ව 83ක් පිරිනැමිණි.
     
    මෙහිදී රණවිරු සේවා අධිකාරිය මගින් එම දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකට මාසිකව මුදල් එකතු කිරීම සිදු කරනු ලැබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya