මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ ව විද්වත් අඳහස් ලබා ගැනේ

    දෙසැම්බර් 07, 2016
    ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජනවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී තිබේ. ඒ අනුව කෙටුම් පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ ව විද්වත් අදහස් ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇත. 
     
    මේ වන විට  ළමුන් සම්බන්ධව කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව, වැනි ආයතනවල විද්වතුන්ගේ අදහස් මෙන්ම අධිකරණ, අධ්‍යාපන, කම්කරු හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සිදු කරමින් පවතී. ඊට අමතරව ළමුන් සම්බන්ධව කටයුතු කරන සියලු ම රාජ්‍ය ආයතනවල අදහස් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල අදහස්ද අදාළ කෙටුම්පත සම්බන්ධව ලබාගැනීමට අපේක්ෂා කෙරේ. අවසානයේ සියලු පාර්ශ්වන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ කෙටුම්පත මහජන අදහස් ලබාගැනීමට යොමු කිරීමට ද බලාපොරොත්තු වේ. 
     
    විශේෂයෙන්, මෙලෙස සැකසෙන ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය තුළින් ළමා ආරක්ෂාව යනු කුමක්ද? යන්න පිළිබඳ ව පොදු එකඟතාවයකට එළඹීම හා ළමා ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන ආයතනවල කාර්යභාරය වෙන වෙනම හඳුනාගැනීම ද සිදු කරනු ලැබේ.
     
    2017 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වීමට ප්‍රථම ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාවයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya