අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වනවිට විදුලි දුම්රිය සේවා

    දෙසැම්බර් 07, 2016
     
    ශ්‍රී  ලංකාවේ දුම්රිය සේවයේ තවත් පියවරක් ඉදිරියට තබමින් 2020 වසර වනවිට විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.
     
    මෙම කරුණු  හෙළිවුයේ විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශවයන් අතර කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ඊයේ (06) පැවති විශේෂ තාක්ෂණික වැඩමුළුවකදීය.
     
    ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන මණ්ඩලය මුල්‍ය ආධාර වැඩපිළිවෙළ යටතේ සහන ණය මුදලක් ලබාදීමට කැමැත්ත පලකර ඇත.
     
    වසර 2035 වනවිට  ඇතිවන දුම්රිය මගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය යොමු කරමින් එම අවශ්‍යතාවය සපුරාලීමට ව්‍යාපෘතිය සැළසුම් කර ඇත.
     
    මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැළණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ පැයට කි.මි 100ක ධාවන වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියන් සවිකිරීම, ස්වයංක්‍රිය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.
     
    එමෙන්ම කොළඹ කොටුව සිට පානදුර දක්වා දුම්රිය මාර්ග 3ක්, මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ග 4 ක් හා මරදාන සිට හෝමාගම දක්වා දුම්රිය මාර්ග 2 ක් ඉදිකෙරෙන අතර, එතුළින් දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව ව්‍යාපෘතිය අවධාරණය කරයි.
     
    ව්‍යාපෘතියේ නිර්මාණ සැළසුම් කටයුතු 2017 වසරේ ආරම්භ කරනු ලබන අතර 2017 වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
     
    සමස්ථ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 625 ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා අවධාරණය කරයි.
     
    මෙම වැඩමුළුවේදි කරුණු දැක්වු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ  "ලංකාවේ දුම්රියට දීර්ඝ ඉතිහාසයක් ඇති බවත්, එහෙත් ලොව වෙනත් රටවල තරම් අපගේ දුම්රිය සේවා දියුණු කිරීමට නොහැකිව ඇති බවත්ය. එයට හේතු වශයෙන් භූගෝලීය වශයෙන් බලපාන කරුණු දුම්රිය හරස් මාර්ග නිසා වේගය අඩුකිරීමට සිදුවීම, තාක්ෂණික ශිල්පීන්ගේ හා ඉංජිනේරුවන්ගේ හිඟය, දුම්රිය මාර්ග අවට අනවසර පදිංචිවීම් යන කරුණු බලපා ඇති බවයි".
     
    එම නිසා දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල වශයෙන් වෙහෙසක් හා වියදමක් දැරීමට සිදුවන බවද සඳහන් කරයි.
     
    ඒවගේම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි සංවේදී සමාජ ප්‍රශ්න පිළිබදව අවධානය යොමුකල යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි. නව දුම්රිය මාර්ග ඉදිකිරීමේදී ඒ අවට පදිංචි පිරිස් ඉවත් කිරීමට සිදුවන්නේ නම් විකල්ප අවස්ථාවන් පිළිබඳවද සැළකිය යුතු බවද සඳහන් කරන අතර ජනතාවට අවම හානියක් වන විදිහට කටයුතු සිදුකළ යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya