මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉපනැල්ලේ පිදුරු ගිණි තබන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ

    ඔක්තෝබර් 20, 2016
    පසුගිය යල කන්නයේ අස්වනු නෙලා ගැනීමෙන් පසුව ඉපනැල්ලට ගිණි තැබීම් බහුලව සිදුව ඇතැයිද මෙය කෘෂිකාර්මික මෙන්ම පාරිසරික විනාශයක්  බවත් මෙසේ ඉපනැල්ලේ පිදුරු ගිණි තබන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරවීමට පොලීසියට උපදෙස් ලබාදෙන බව  පොලොන්නරුව දිසා ලේකම් එස් සේනානායක මහතා පැවසීය.
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  ඉදිරි මහා කන්නයේ වගා ආරම්භ කිරීම නිසි පරිදි වර්ෂාව ලැබෙන තෙක් තීරණය කළ නොහැකි බවත් , පොළොන්නරුවේ සියළු ජලාශ වල  ජල මට්ටම  තවදුරටත් අඩු වෙමින් පවතින බවද  ඒ මහතා කීය.
     
    ඒ මහතා මේ බව පවසා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්වීමේදීය.
     
    AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya