මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක ගුණ සමරුව හෙට

    සැප්තැම්බර් 25, 2016
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 57 වැනි ගුණ සමරුව හෙට (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධියේ අසල දී පැවැත්වීමට නියමිතය.
     
    මෙවර ද බණ්ඩාරනායක පවුලේ සාමාජිකයන්, ආගමික නායකයන් ප්‍රමුඛ විවිධ දේශපාලන පක්ෂවල නායකයන් සහ පොදු ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම ගුණ සමරුව සිදු කෙරේ.
     
    ගුණ සැමරුම් උත්සවයේදී ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ එම දෙපළගේ පුත් අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සැමරීමට කටයුතු යොදා ඇත. 
     
    1959 සිට සෑම වර්ෂයකදී ම සැප්තැම්බර් 26 වැනි දින හො‍රගොල්ල සමාධියට පැමිණෙන දහස් ගණන් කෘතවේදී ජනතාව එතුමාට ගෞරව දැක්වීමට ඒකරාශී වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya